Friday, 27 February 2009

ජංගම දුරකථන අද විලාසිතාවක්ද ?

ජංගම දුරකථන වත්මන් ලෝකයේ සෑම කෙනෙකු ලගම ඇත. මෙමගින් ඕනෑම මොහොතක තමා‍ට අවශ්‍ය අයකු හා සම්බන්ධ විය හැක. මේ නිසා අපට නිදහසේ විවේකිව කිසිවක් කිරිම‍ට ඉඩ නොලැබේ. එය මානසිකව ද වධයක් වීමට පුලුවන. නිසංසල හුදකලා බව බිද දමයි. ඉන් මිදිමට නම් එය විසන්ධි කර තැබිය යුතුය. විසන්ධි කර තැබිමට නම් දුරකථනයක් කුමකටද ?

අද ජංගම දුරකථනයක් නොමැතිවිම මදි පුංචිකමකි.‍මේවා නොතිබු අවධිය ගැන අමතකය. මී‍ට කලකට පෙර මෙය සුඛෝපභෝගී භාණ්ඩයක් වුවද අද එය එසේ නොවේ.

ජංගම දුරකථන සමහර වෘත්තිකයන්ට ඉතා ප්‍රයෝජනවත්ය. නිතර ගමන් බිමන් යන හා හදිසි අවශ්‍යතා මතුවන අයට මෙය ඉතා ප්‍රයෝජනවත්ය.එහෙත් රිය පදවන්නන් මේවා භාවිතයට යොමුවීම ඉතා අහිතකරය. ‍බොහෝ රිය අනතුරැවලට හේතු වී ඇත්තේ ජංගම දුරකථන භාවිතයයි. මෙය පෙම්වතුන්‍ට නැතිවම බැරි උපාංගයක් වී ඇත. නමුත් ජංගම දුරකථන භාවිතයට පෙර පෙම්වතුන්‍ සතුවු චින්තන හා නිර්මාණ හැකියාවට බලපෑමක් සිදුව ඇත. දැනි පෙම් හසුන් දක්නට නොමැත. අනික් අතින් ජංගම දුරකථන භාවිතය මොලයට හා ස්නායුවලට ඉතා අහිතකරය. ‍



සත්තකින්ම මෙය අත්‍යවශ්‍ය ‍දෙයක් ද විලාසිතාවක් ද ?