Sunday, 8 March 2009

හිංසාව විනෝදයක් කර ගත් දරුවෝ



අද ආයුධ කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු අතර මුල් තැන ගෙන ඇත.තුවක්කු හා පිස්තෝල මේ අතර ප්‍රධානය.සෙල්ලම් කරත්ත, සුලං පෙති,ළමා කවි පොත් ළමුන්ගන් ඈත්වී ඇත.මෙයට හේතුව කුමක්ද ?

අද සෑම නිවසකම වාගේ රූපවාහිනි ඇත.නැතහාත් ළමුන් අසල්වැසි නිවෙස් වලට ගොස් රූපවාහිනි නරඹයි.දැන් රූපවාහිනි වල වැඩි වශයෙන් දැකිය හැක්කේ මත්පැන් සාද ,මංනකාල්ලකෑම්, මිනිමැරුම්, පැහැරගෙනයාම්ආදියයි.මීට අමතරව බොළද ප්‍රේම කතාය. තවද ළමුන් සදහාම විශේෂිත වු කාටුන් ඇත.මේවා සමහරක් තුලින්ද ලැබෙන්නේ අයහපත් ආදර්ශය.සමහර බටහිර රටවල තහනම් කල කාටුන් අපගේ රටේදි හඩ කවා ප්‍රදර්ශනය කරයි.ළමුන් මේවා නැරඹිමට ප්‍රිය කරයි.ළමුන් අනුකරණයට ඉතා දක්ෂයි.මේ නිසා පහරදීම,හිංසා පීඩා කිරීම සාමාන්‍ය සිද්ධින් බවට පත්වි හමාරය.

හිරිහැර හා අපරාධ කිරීම අද විලාසිතාවක් හා විනෝද අංගයක් බවට පත්ව තිබේ.එය සාමාන්‍ය ලක්ෂණයක් වී ඇත.සුපිරි පැලැන්තියේ දරුවන් මෙයට ඉතා ප්‍රිය කරයි.

මෙසේ දරුවන් හිංසාවට යොමු වුන හොත් පැහැදිලි අනාගතයක් ගැන කෙසේ සිතම්ද?

Wednesday, 4 March 2009

පරිගණකයේ සෙහොන් බිම



තාක්ෂණික ලෝකයේ පෙරට යාමත් සමග බොහෝ පුද්ගලයන්ට පරිගණකයක් නැතිවමබැරි උපකරණයක් බවට පත්වුයේ ඒ හරහා ඊ මේල්,අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම ආදිය සදහායි.සංවර්ධිත රටවලට සීමාවු මෙම උපකරණය සංවර්ධනය වන රටවලට ගෝලියකරණය නම් සංකල්පයට අනුවගලා එන්නට විය.අවසානයේ විශ්ව ගම්මානයක් නිර්මාණය විය.
සාමාන්‍යයෙන් පරිගණක වල ආයු කාලය ලෙස අවුරුදු 6-7 ලෙස විද්වතුන් දක්වති.ඉන්පසු පරිගණකවලින්
ක්‍රියාකාරි කාර්යයන් ඉටු කර ගත නොහැක.සංවර්ධිත රටවල භාවිතා කරන පරිගණකවල කාර්යක්ෂමතාව අඩු වන්නට වු විට ඉතා අඩු මිලට ලංකාව වැනි රටවලට එවති.ඒවා ද අවුරුදු දෙක තුනකට පසු ක්‍රියා විරහිත වේ.පරිගණක නිෂ්පාදනය කර තිබෙන්නේ නොදිරන ද්‍රව්‍ය වලිනි.
එසේ නම් පරිගණකවල කුණුගොඩ ලංකාව නොවේ ද?