Wednesday, 4 March 2009

පරිගණකයේ සෙහොන් බිම



තාක්ෂණික ලෝකයේ පෙරට යාමත් සමග බොහෝ පුද්ගලයන්ට පරිගණකයක් නැතිවමබැරි උපකරණයක් බවට පත්වුයේ ඒ හරහා ඊ මේල්,අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම ආදිය සදහායි.සංවර්ධිත රටවලට සීමාවු මෙම උපකරණය සංවර්ධනය වන රටවලට ගෝලියකරණය නම් සංකල්පයට අනුවගලා එන්නට විය.අවසානයේ විශ්ව ගම්මානයක් නිර්මාණය විය.
සාමාන්‍යයෙන් පරිගණක වල ආයු කාලය ලෙස අවුරුදු 6-7 ලෙස විද්වතුන් දක්වති.ඉන්පසු පරිගණකවලින්
ක්‍රියාකාරි කාර්යයන් ඉටු කර ගත නොහැක.සංවර්ධිත රටවල භාවිතා කරන පරිගණකවල කාර්යක්ෂමතාව අඩු වන්නට වු විට ඉතා අඩු මිලට ලංකාව වැනි රටවලට එවති.ඒවා ද අවුරුදු දෙක තුනකට පසු ක්‍රියා විරහිත වේ.පරිගණක නිෂ්පාදනය කර තිබෙන්නේ නොදිරන ද්‍රව්‍ය වලිනි.
එසේ නම් පරිගණකවල කුණුගොඩ ලංකාව නොවේ ද?

5 comments:

  1. පරණ ගඩොල් වලින් අලුත් ගෙවල් හැදැය හැකිය

    ReplyDelete
  2. ලංකාව විතරක් නොවෙයි බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. විසඳුම නම්,
    * අවු 2 හෝ 3කට වඩා පැරණි පරිගණක ගෙන්වීම නැවැත්වීම - (මෙයින් යම් තරමක් හෝ වන හානිය අවම කරගන්න පුළුවන් වේවි)
    * ප්‍රතිචක්‍රියකරණය (මේ සඳහා දරන්න වෙන පිරිවැය වැඩියි)

    ReplyDelete
  3. පරණ පරිගනක යම් විදියට භාවිතයට ගැනීමෙන් මේක තරමක් අඩු කරගන්න පුලුවන්...

    දුෂ්කර පලාතක පාසලකට පරිත්‍යාග කිරීම වැනි...

    ReplyDelete
  4. පරිගණක විත‍රක් නෙමෙයි, රථ වාහන,ඉලෙක්ට්‍රික් බඩු භාණ්ඩ, යන්ත්‍ර සූත්‍ර ඔය වගේ ගොඩඩක් ජාතියේ කුණු ගොඩවල් මෙහෙට ගේනවා

    ReplyDelete
  5. @නාගයා, මචෝ එතකොට ඒ පැත්ත ගැන හිතුවා නම්? එහෙට දීලා අවුරුද්දකින් එහේ විසි කරවන්නද කියන්නේ?

    ඒ පරන පරිගණක ගෙන්වීමේ ක්‍රම පද්ධතිය වෙනස් කල යුතු වෙනවා, ඒ වැනි වැඩ නො කරන පරිගණකවල දෘඩාශ මගින් සිසුවන්ට ඉගෙන ගන්නටත් නිර්මාණකරණයටත් යොමු කලා නම්?

    ReplyDelete